මේ දවස් වල හුගක් අය ශ්‍රි ලංකවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවනෙ. මට මේ ලිපිය දැක්කම හිතුන හැමෝටම කියවන්න පුලුවන් වෙන විදිහට මගෙ බ්ලොග් එකට දාන්න. මේ ලිපියෙන් ශ්‍රි ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇතිවුන ප්‍රතිසංස්කරණ ගැන තරමක තේරුමක් ඔයගොල්ලොන්ට හම්බවේවි කියල මන් හිතනව.
කන්නන්ගර අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනා
නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්තිදායකයා:
(ඊයේ (23) දිනට යෙදී තිබූ ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමාගේ ගුණ සමරුව නිමිත්තෙනි)
නිදහස් අධ්යාරපනයේ පියා ලෙස වඩාත් ප්රචලිත සේ හැඳින්වෙන ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මහතා නොසලකා හරිනු ලැබ සිටි පන්තියක විමුක්තිදායකයා වශයෙන් උපත ලැබීය. ඔහු උපදින සමයේදී පොදු අධ්යාීපන පද්ධතිය, විජිතවාදී රජයක් යටතේ ක්රිඩස්තියානි මිෂනාරිවල ආධිපත්යයට යටත් වී තිබිණි. අධ්යාපනය සම්බන්ධයෙන් සලකා බලන විට ශ්රි ලංකාවට ආසියාවේ සෙසු රටවල් අභිභවා යන ප්රුව්ඩ ඉතිහාසයක් හිමි වුවත් වරින් වර සිදු වූ විදේශ ආක්රමණ නිසා දහනව වැනි සියවසේ අග භාගය වන විට අධ්යාපනය කනගාටුදායක තත්ත්වයකට පත් වී තිබිණි. එසේම මේ කාලය වන විට දේශීය අධ්යාපනය හුදෙක් පන්සල්වල පැවැත්වූ පාසල්වලට හා පිරිවෙන්වලට පමණක් සීමා විය. මෙම අධ්යාපන ස්ථානවල අධ්යාපනය ආගම, ආයුර්වේද වෙදකම, ජෝතිෂය ආදී විෂයයන්ට පමණක් සීමා විය. 1944 මැයි මස 30 වැනිදා ආචාර්ය සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමන් විසින් අධ්යාපන පද්ධතිය ප්රිතිව්යුලහගත කිරීම සම්බන්ධ මෝසමක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ විපර්යාසයක මූල බීජයක් සේ සැලකූ ප්රතිලාභ ලත් පන්තියේ දේශපාලකයන්ගේ දැඩි විරෝධය හමුවේ වුවත් එය සම්මත විය. කෙසේ වෙතත් සී. සුන්දරලිංගම්, වී. නස්ලියා ආදී දෙමළ නායකයන්ගේ හා ටී. බී. ජයා ආදී මුස්ලිම් නායකයන්ගේ සහයෝගය මෙයට ලැබුණු බව අවධාරණය කළ යුතු වේ.
මහා විද්යාල 54 ක් ඔහු ඇති කරන ලද අතර මේවා දක්ෂ විදුහල්පතිවරයකුගෙන් හා ගුරුමණ්ඩලයකින් මෙන් ම සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර, විද්යාගාර හා ක්රීඩාංගණ ආදියෙන් සමන්විත විය. එකල මේ පහසුකම් ක්රිස්තියානි මිෂනාරි පාසල්වලට හා බෞද්ධ පාසල් කිහිපයකට පමණක් සීමා වී තිබිණි.
මේ පාසල් වෙනුවෙන් කාර්යක්ෂම හා සෘජු ගුරුවරුන් තෝරා ගන්නා ලද අතර පාසල් සංවර්ධනය කිරීම උදෙසා ඔවුන් ධෛර්යවත් කිරීම සිදු විය. ඔවුන් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් විය. විශිෂ්ට විදුහල්පතිවරුන් අනුක්රමයෙන් අධ්යක්ෂවරුන් සේ උසස් කරනු ලැබිණි. ශ්රිව ලංකාවේ මධ්ය මහා විද්යාල ආදි සිසුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු වූ සවිමොන් උරුගොඩවත්ත සහ කන්නන්ගර මැතිතුමන්ගේ නිදහස් අධ්යාපන වැඩ පිළිබඳව "බිම්නෙත" සඟරාව සඳහා ලියූ ලිපියක වරෙක එසේ සඳහන් කර තිබිණි. එම සඟරාවේ අනුග්රහය ඇතිව පහතින් පළ කරන කන්නන්ගර මැතිතුමන් එදා ඉදිරිපත් කළ නිදහස් අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනාවලිය (සංක්ෂිප්ත) එතුමන්ට ගෞරව පිණිස මෙලෙස ඉදිරිපත් කරමු.
