මේක ලිපිය මන් පත්තරේ කියෙව්වම මට හිතුන මේක හැමොටම කියවන්න මේ බ්ලොග් එකට දාන්න.
මේක මෙහි පල කරන්න කලින් මන් පොඩ්ඩක් හොයල බැලුව මේක ඇති කරුනු ගැන. මට ආර්ථික විද්‍යාව ගන ලොකු දැනුමක් නැතත් මෙකෙ යම් තරමක ඇත්තක් ඇතිබවක් පෙනුන නිසා තම මේක පලකරේ.
විවෘත මනසකින් මේක කියවන්න. දිර්ග කාලයක් තිස්සයේ තිබුන අවුලක් කෙටි කාලයකින් පහසුවෙන් විසදන්න අමාරු බව සිහියට ගන්න.
කියවා share කරන්න මේ ගැන ඔබේ අදහස් තියනවනම් comment එකකින් කියන්න.
අධ්‍යාපනයේ අර්බුදය!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දියත් කළ වැඩ වර්ජනය හමුවේ පසුගිය කාලය පුරාම අපි රටේ අධ්‍යාපනය ගැන බොහෝ කතා කළෙමු. ඒ පිළිබඳ ඇති වූ නොයෙකුත් වාද විවාදවලට ද ඔබ බොහෝ සවන් දෙන්නට ද ඇත. මේ වැඩ වර්ජනයට නායකත්වය දුන් සරසවි ආචාර්යවරුන්ට රාජ්‍ය මාධ්‍ය විසින් "කොටි" ලේබල් අලවද්දී උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායකද කළේ කොටි හපුවකු මෙන් වැඩ වර්ජනයට නායකත්වය දුන් සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ අයට බැණවදිමින් ඔවුන්ගේ ඇඟට කඩා පනින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයිá ඔවුන්ට අවලාද නැඟීමයි. විසඳුමක් සඳහා මැදිහත් විය යුතු දෙපාර්ශ්වයම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකර කැත්තට පොල්ල මෙන් සිටීමෙන් සිදු වූයේ මේ ප්‍රශ්නය දිගු කාලයක් ඇදී යන ප්‍රශ්නයක් බවට පත්වීමයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමැති එස් බී. දිසානායක මහතා තම ක්‍රියා කලාපය තුළින් සරසවි ආචාර්ය වැඩ වර්ජනයට අනියමින් ශක්‌තිය ලබාදීම හමුවේ සිදුවූයේ එම ප්‍රශ්නය සුහදව සහ වඩා ඉක්‌මනින් විසද ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඇති වීමයි. විසඳුමක් ඇති කර ගැනීමට දුෂ්කරව, ප්‍රශ්නය වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට ද පත්වීමයි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂට, මේ ප්‍රශ්නය සඳහා මැදිහත් වන්නට සිදුවන්නේ මෙවන් පසුබිමක් තුළය. එම මැදිහත්වීම තුළ මේ වනවිට එම අවුල බොහෝදුරට විසඳෙන තැනකට පත්ව තිබුණත්, සරසවි ආචාර්ය සමිති සම්මේලනය විසින් ඔවුන්ගේ සටනින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට වාසි සලසා ගැනීමට ඉඩ දීමද සිදුවනු දක්‌නට ලැබිණි. එම සටන එසේ දේශපාලනීකරණය වීම සහ උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර නොබැලීම හමුවේ තම සටනේ ගෞරවනීයභාවය ද සරසවි ආචාර්යවරුන් විසින්ම පළුදු කරගත් බවද අපට දක්‌නට ලැබිණි.
මෙවන් පසුබිමක් තුළ අප සූදානම් වන්නේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6 ක් වෙන් කිරීමේ ඉල්ලීම් ගැන වඩා පුළුල්ව සාකච්ඡා කිරීමටය. මේ ගැනද දැනටමත් බොහෝ අදහස් පළ වී තිබේ. ඇත්ත වශයෙන්ම මේ ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් රජයට ඉදිරිපත් කර තිබුණත් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව තම පඬි වැඩි කර ගැනීම පමණය. මේ සටන තුළ රටේ අධ්‍යාපනයේ හෙට දවස ගැන සැබෑ කැක්‌කුමක් තිබුණේ නම්, අඩු තරමේ මේ ප්‍රශ්නයට වගකිව යුතු නැති උ/පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර හෝ බැලිය යුතුව තිබුණි. එම දරුවන්ගේ පිළිතුරු පත්‍ර නොබැලීමෙන් සිදුවන්නේ එම දරු පිරිසගේ ජීවිත පසුගාමී තත්ත්වයට පත් වීමයි. එය රටේ හෙට දවසටද හිතකර නොවේ. මේ තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන ලෙස සිදු කර ඇති ඉල්ලීම ගැන අපි සලකා බලමු.




























